2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් සිය මංගල ජන රැලිය ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව අද (16) පස්වරු සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන මංගල ජන රැලිය කුරුණෑගලදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන මංගල ජන රැලිය හෙට (17) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ අනුරාධපුරයේදීයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන මංගල ජන රැලිය හෙට (17) දිනයේදී තංගල්ලේදී පැවැත්වෙනවා.
මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහභාගීවන මංගල ජන රැලිය ලබන 24 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.