Sat. Jun 28th, 2025

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අදයි

Aug16,2024

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා.

අද රාත්‍රී හත පසුවී විනාඩි අටට යෙදෙන සුබ මොහොතින් පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලවල පෙරහැර ක්‍රියාත්මක වනවා.

දළදා වීදිය, ඩි එස් සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, කොටුගොඩැල්ල වීදීය, හරස් වීදිය, ඔස්සේගමන් කර පෙරහැර දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතයි.

ඊයේ ක්‍රියාත්මක වූ පළමු රන්දෝලි පෙරහැරේදී පෙරහැර කරඩුව වැඩම කරවීම සිදුකළේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතායි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතාගේ උපදෙස් පරිදී පෙරහැර සංවිධාන කර තිබෙනවා.

සාම්ප්‍රදායකි මී පැණි පූජාවෙන් අනතුරුව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී කණ්ඩායම ද පෙරහැර නැරඹීමට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *