Sun. Jun 29th, 2025

2024 දෙවෙනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කෙරේ

Aug16,2024

ශ්‍රී ලංකා මහබැංකුව 2024 වසර සඳහා වන දෙවෙනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර තිබෙනවා.

මෙහි අන්තර්ගතය පදනම් වී තිබෙන්නේ පසුගිය ජුලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සැලකිල්ලට ගත් තොරතුරු මත පදනම්වයි.

අඩු උද්දමන පීඩන හා අනුකූලව 2024 වසරේ මේ දක්වා ලිහිල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා.

මේ වසරේ මුල් භාගයේදී සිදු වූ තාවකාලික ඉහළ යාමෙන් අනතුරුව බලශක්ති මිල ගණන් අඩුවීම ,ආහාර උද්දමනය මන්දගාමීවීම සහ ඉල්ලුම් අංශයේ පසුබෑම හේතුවෙන් මතුපිට උද්දමනය සැලකිය යුතු ලෙස අඩු වුණා.

නුදුරු කාලයේදී මතුපිට උද්දමනය ,වාර්ෂික ලක්ෂමය පදනම මත සියයට 05 ක ඉලක්කගත මට්ටමට වඩා පහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.

මැද කාලීනව ඉලක්කගත මට්ටම ක්‍රමයෙන් ස්ථාවර වනු ඇතැයි මහබැංකුව සඳහන් කළා.

සාර්ව ආර්ථික ස්ථායීතාව ක්‍රමයෙන් යළි තහවුරු වීම , අඩුපොලී අනුපාතිකය සහ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණුවීම හේතුවෙන් මේ වසරේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව අඛණ්ව පවතිනු ඇති බවත් මහබැංකුව සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *