ජාතික ජන බලවේගයේ රජයක් යටතේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ක්‍රියාත්මක කරන්නට යන පිරිවැටුමට බදු අය කරන ක්‍රමය අදටත් ක්‍රියාත්මක ක්‍රමය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ රටේ පමණක් නොවෙයි සමස්ත ලෝකයේම පිරිවැටුම මත බදු අය කරන බව කී ඒ මහතා, එසේ නොවන රටක් ලෝකයේ කොහේවත් නැති බවත් කීවේය.
අනුර කුමාර දිසානායකලා ඇවිත් හිතෙන හිතෙන විදිහට ආර්ථිකය හසුරවන්න ගියොත් මේ රටට ආදායම් උත්පාදනය කර දෙන ව්‍යාපාරිකයන්ට රජය දැනට ලබා දෙන බදු සහනත් අවදානමකට වැටෙනවා යැයිද හෙතෙම පැවසුවේය.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.
මේ රටේ පමණක් නොවෙයි සමස්ත ලෝකයේම පිරිවැටුම මත තමයි බදු අය කරන්නේ. එහෙම නැතිව බදු අය කරන රටක් කොහේවත් නැහැ. අනුර කුමාර දිසානායකට උපදෙස් දෙන ආර්ථික විද්‍යාඥයන් කියන්න ඇති පිරිවැටුම මත බදු අය කළොත් හොඳයි, එහෙම කෙරෙන්නේ නැහැ, අප ඒක පටන් ගමු කියලා. ඒ නිසා එයාලාගේ ආණ්ඩුවක් ආවාම පිරිවැටුම මත බදු අය කරනවා කියලා අනුර කුමාර කියන්න ඇති.