2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වන බව ජාතික මැතිවරණ කොමිසම අද නිවේදනය කළා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (15) පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා වූ නාමයෝජනා භාරගැනීමේදී අපේක්ෂකයින් 39 දෙනෙකු සිය නාමයෝජනා භාරදුන් බවයි.
නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමට විරෝධතා 03ක් ලැබී තිබුණා.
අපේක්ෂකයකු සඳහන් නොකර එක් විරෝධතාවක් බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් ගොනු කර තිබූ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව විරෝධතා දෙකක් ලැබී තිබුණා.
කෙසේ වෙතත්, එම විරෝධතා සලකා බැලූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණ නීතියේ විධිවිධාන අනුව එම විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබුවා.
ඒ අනුව අද දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාම 2024 ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
එම අපේක්ෂකයින් 39 දෙනා අතර පිළිගත් දේශපාලන පක්ෂවලින් 22ක්, වෙනත් පක්ෂවලින් 1ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 16ක් සිටින බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.
දිලිත් ජයවීර, ASP ලියනගේ, සරත් ෆොන්සේකා, නුවන් බෝපගේ, ඕෂල හේරත්, ජනක රත්නායක, සිරිපාල අමරසිංහ, ආරියනේන්ද්‍රන්, නාමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, සහ අනුර කුමාර දිසානායක යන අය ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් 2024 දෙනා අතර වෙනවා.
සැප්තැම්බර් 21 දා ජනපතිවරණය පැවැත්වීමට නියමිතයි.