Sat. Jun 28th, 2025

තණමල්විල දැරිය අපයෝජනය: වෛද්‍යවරයාත් තර්ජනය කළැයි චෝදනා!

Aug15,2024 #news #police

තණමල්විල ප්‍රදේශයේ අවුරුදු 16ක පාසල් දැරියක් සිසුන් 21 දෙනෙක් විසින් දූෂණය කරන ලදැයි කියන සිද්ධිය පසුගිය දා මහත් ආන්දෝලනයකට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය රෝහල්ගත කළ පසු එහි සිටි වෛද්‍යවරයෙකු විසින් දැරිය අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව ළමා ආරක්ෂණ අධිකාරියට සහ තණමල්විල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එසේ ම හම්බන්තොට රෝහලද සිය ආයතන මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන්.

කටඋත්තරයක් ගනු පිණිස දැරිය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මුල් වචන දෙක තුනෙන් ම දරුවාට තර්ජනය කර කඩාගෙන පැන්නා යැයි මව චෝදනා කරනවා. බොරු කිව්වොත් පරිවාසයට දාන බවත්, තමුසෙ හදන්නේ කොල්ලන්ව හිරේ දාන්නදැයි ප්‍රශ්න කළ බවත් දැරියගේ මව තවදුරටත් පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *