Sat. Jun 28th, 2025

බිරිඳ නිරුවත් කර කොසු මිටෙන් ගහලා: පී.සී. සැමියා පොලිසියෙදිත් යකා නටයි!

Aug15,2024 #news #police

බිරිඳ නිරුවත් කර පටියකින් සහ කොසු මිටකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේදීද කලහකාරීව හැසිරුණ සිදුවීමක් වාර්තා වෙනවා.

එහිදී ඔහු අත්අඩංගුවට ගැනුණා. කිලිනොච්චි පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙක් බව හඳුනාගෙන තිබෙනවා.

වෙනත් අයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මොහු මෙලෙස බිරියට පහර දී ඇති අතර බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

සැකකාර කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *