Sat. Jun 28th, 2025

අනුරපුර රෝහලේ වෛද්‍ය වලියක් – අයෙක් රෝහලේ!

Aug15,2024 #2024 #breaking news

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නි. අධ්‍යක්ෂවරයා ශාරීරිකව හිංසා කළ බව කියමින් එහි සේවය කරන වෛද්‍යවරයෙකු රෝහල්ගතව ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා.

රාජකාරි වේලාව තුල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමකදී නි. අධ්‍යක්ෂවරයා තමාට පහරදීමට තැත් කළැයි පෙරකී වෛද්‍යවරයා රෝහලට ඇතුළත්ව තිබෙනවා.

මෙම වෛද්‍යවරයාට රාජකාරි වේලාව තුල පෞද්ගලික ප්‍රතිකාර ලබා දෙන බවට චෝදනාවක් වන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ. මෙය විමසීමට පැමිණි අවස්ථාවේ ඔහු සිය වැරදි වසා ගැනීමට රෝහල්ගතව ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *