Fri. Jun 27th, 2025

රුසියාව ගැන යුක්රේනය කියන කතාව

Aug14,2024

රුසියානු භූමිය අත්පත් කර ගැනීමට යුක්රේනයට කිසිදු අදහසක් නොමැති බව යුක්‍රේන විදේශ අමාත්‍යාංශය පවසනවා.

යුක්රේනය කර්ස්ක් කලාපය ආක්‍රමණය කළේ දිගින් දිගටම රුසියාව එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව යුක්රේනය පවසනවා.

බටහිර රටවලින් ලැබුණු ගුවන් යානා, ඩ්‍රෝන හා කාලතුවක්කු මෙන්ම ග්ලයිඩ් බෝම්බ 255 ක් හා මිසයිල 100 කට වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් යුක්රේන පාබල හමුදා විසින් මෙම ආක්‍රමණය සිදු කළා.

තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම යුක්රේනයේ අරමුණ වී තිබෙනවා.

වසර දෙකහමාරකට වැඩි කාලයක් තුළ යුක්රේනය රුසියාවේ මෙතරම් විශාල භූමියක්‌ ආක්‍රමණය කළ ප්‍රථම අවස්ථාවද මෙයයි. මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර ඇත්තේ යුක්රේනයට තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *