Sat. Jun 28th, 2025

රියදුරෙකුගේ වෘෂණයක් අහිමි කෙරවූ OIC රිමාන්ඩ්

May9,2024

රථවාහන පරීක්‍ෂාවක දී කුඩා ලොරි රථ රියැදුරකුට පහරදීම හේතුවෙන් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත්කිරීමට සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂන මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (8 දා) මැදවච්චිය මහෙස්ත්‍රාත් නිමේෂා ධර්මදාස මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.

මන්නාරම – මැදවච්චිය මාර්ගයේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක රියැදුරුට සහ සහායකයාට පොලිසිය විසින් පසුගියදා පහරදී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඔවුන් පදවිය හා කැබිතිගොල්ලෑව යන පොලිස් ස්ථානවල සේවය කරන බවත් රහස් පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *