Mon. Jun 30th, 2025

හැටන් බස් රථවලට රියදුරන් හා කොන්දොස්තර හිඟයක්

Aug14,2024

හැටන් ලංගම ඩිපෝව තුළ බස් රථ රියදුරන් හා කොන්දොස්තර හිඟයක් නිසා මගී ප්‍රවාහනයට බාධා ඇති වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඩිපෝවේ ධාවන හා කාලසටහන් සහකාර නිලධාරි එස්.හැන්ස් මහතා කියා සිටියේ ඩිපෝව තුළ රියදුරු පුරප්පාඩු 25ක් හා කොන්දොස්තර පුරප්පාඩු 27ක් තිබෙන බවයි.

මෙම තත්ත්වය නිසා ඩිපෝව තුළ පවතින බස් රථ නිසි ලෙස ලෙස ධාවනය කිරීමට නොහැකි බවත් ඒ තුළින් ඩිපෝවට ඇති වන අදායම අඩු වන බවයි වැඩිදුරත් ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම ඩිපෝවේ සේවය කරන සේවකයෙකු නිවාඩු ගිය විටද බස් රථ ධාවනයට බාධා ඇතිවන බවයි ඔහු වැඩිදුරත් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *