Sun. Jun 29th, 2025

වේගයෙන් ආ මෝටර් රියක් කෙලින්ම වෙළඳසැල ඇතුලේ

Aug14,2024

නුවරඑළියේ සිට කොළඹ දක්වා ධාවනය වූ මොටර් රථයක් හැටන් කොටගල නගරයේදී වෙළඳසැලක් තුළට කඩා වැදීමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා කොටගල ප්‍රදේශීය රෝහල වෙත ඇතුලත් කළ බව දිඹුලපතන පොලීසිය පවසනවා

අද (14) අලුයම දෙකට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් මොටර් රථයට සහ වෙළඳසැලට දැඩි අලාභහානි සිදු වී ඇති බවයි වාර්තා වුණේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති මොටර් රථයේ රියදුරා නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැක පල කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *