Sat. Jun 28th, 2025

සජිත්ට කට උත්තර නැති කල ජනපති

May9,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශය අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට විරෝධතා මතු කරමින් කරුණු ඉදිරිපත් කරමින් සිටියේය.

එහිදී නැගී සිටි ජනාධිපතිවරයා විමසා සිටියේ තමන් තමන්ට පුළුවන් ආකාරයෙන් වැඩේ කරන ලද බවත් අප්‍රේල් 19 වෙනිදා අගමැතිකම බාරගත්තා නම් මේ කිසිවක් සිදු නොවනු ඇති බවත්ය.

“මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *