Mon. Jun 30th, 2025

ඇප තැන්පත් කිරීම හෙට දහවලින් අවසන්

Aug13,2024

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 32ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව.

පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 16ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරා.

ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (13) දිනයේ ද තවත් පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අනිද්දා (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර පෙරවරු 11 දක්වා එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

නාමයෝජනා භාරගැනීමේ දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කරා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *