Sun. Jun 29th, 2025

කැප්ටවුන් නෞකාවේ ඇතිවූ ගින්නට හේතුව හොයයි

Aug12,2024

කොළඹ වරායේ නවතා තිබූ කැප්ටවුන් නෞකාවේ ඇතිවූ ගින්නට හේතුව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ජිනීවා නෞකා සමාගමකට අයත් එම් එස් සී කැප්ටවුන් නෞකාව සිංගප්පූරු වරායේ සිටයි කොළඹ වරාය වෙත පැමිණ ජේ සී ටී ෆෝ ජැටියේ නැංගුරම්ලා තිබූ අවස්ථාවේයි ගින්න හට ගෙන තිබෙන්නේ.

එම නෞකාවේ බහාලුම් 995ක් ගොඩබෑමට සහ බහාලුම් 880ක් රැගෙන යාමට නියමිතව තිබූණා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ජැටියට පැමිණි අතර ගින්න නිවීමට සහභාගී වූ වරාය ගිනි නිවන අංශයේ සියලු දෙනාට ස්තූතිය පළකළා.

ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණ සිදුකරන ලෙසයි අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *