ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහැර අද (12) රාත්‍රී 07.22ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.
එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව කරා ගෙවැදීමට නියමිතයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර ඊයේ (11) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.
රාත්‍රී හත පසුවී මිනිත්තු විසිහතට දකුණු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහැර සමගින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරය කෙරුණා.
එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදුණා.
පළමු රන්දෝලි පෙරහැර 10 දා රාත්‍රි වීදි සංචාරය කළ අතර පෙරහැර නැරඹීම සඳහා දේශීය සැදැහැවතුන් සහ විදේශීය සංචාරකයන් රැසක් සහභාගිව සිටියා.