ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව පුරප්පාඩුවන සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.
පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂය සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.
මේ අතර අමාත්‍ය කංචන විජේසේකර මහතා ද එක්ස් සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් රටට අත්‍යවශ්‍යම අවස්ථාවේ දී ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදුන් බවයි.
මෙවැනි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම දේශපාලන කටයුතු සිදුකළ බව ද අමාත්‍යවරයා සදහන් කරනවා.
රට යළි ගොඩනැගීමේ දී ඔවුන් දෙදෙනා සිදුකළ මෙහෙය කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව ද එම එක්ස් සටහනේ සදහන්.
පසුගිය වසර දෙකක කාලය තුළ දී සංචාරක සහ විදේශ රැකියා ක්ෂේත්‍ර වෙනුවෙන් ඔවුන් විශාල මෙහෙයක් සිදුකළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.