Sat. Jun 28th, 2025

සතොස ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

Aug9,2024

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

දිවයිනේ සියලු සතොස ශාඛා මගින් මෙම මිල ගණන්වලට භාණ්ඩ මිලදී ගත හැකි බවයි සතොස ආයතන පවසන්නේ.

සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් අඩුකර ඇති අතර එහි නව මිල 249ක්.

කීරි සම්බා කිලෝවක් අඩුකර ඇත්තේ රුපියල් 12කින්.

ඒ අනුව කීරිසම්බා කිලෝවක නව මිල රුපියල් 248 ක්.

ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 45කින් අඩුකර තිබෙනවා.

සුදු කව්පි කිලෝවක් අඩුකර ඇත්තේ රුපියල් 42කිනුයි.

ඉන්දීය ලොකු ළූණු කිලෝවක් රුපියල් 30කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 255ක්.

මුං ඇට සහ රතු කව්පි ද රුපියල් 30කින් අඩුකර ඇති බවයි සතොස නිවේදනය කළේ.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 10කින් අඩුකර ඇති අතර එය අලෙවි කෙරෙන්නේ රුපියල් 280ක මිලකටයි.

වියළි මිරිස් කිලෝවක් සහ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 10කින් අඩුකර තිබෙනවා.

දේශීය සුදු සහල් කිලෝවක් සහ කඩල කිලෝවක් රුපියල් දෙකකින් අඩුකර ඇති බව ලංකා සතොස සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *