Sat. Jun 28th, 2025

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Aug9,2024

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනය තුළ ද රාජ්‍ය සේවකයින්ට තම තැපැල් ඡන්ද අයැදුම්පත් ආයතන ප්‍රධානියා මාර්ගයෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ හැකි බවයි.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර දීමේ කාලය පසුගිය 05 වැනි දා අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව එය අද දක්වා දීර්ඝ කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *