පාසල් සිසුවෙක් සිය නිවස අසල පිහිටි දර මඩුවක ගෙල වැළලාගෙන අද (08) දින මියගොස් තිබෙන බව නොර්වුඩ් පොලිසිය පවසනවා .
මෙසේ ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේ පදිංචිව සිටි මුරුගානන්දන් අභිෂෙක් (15) හැවිරිදි පාසල් සිසුවෙක් .
මියගිය සිසුවා නොර්වුඩ්ඩන්කන් වත්තේ දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි බවත්, එම සිසුවා දින කිහිපයක් පාසල් නොයෑම නිසා ඔහුගේ දෙමාව්පියන් විසින් අද (08) දින දරුවාට පාසල් යන ලෙසට බල කර තිබෙනවා .
පාසල් නොගිය දරුවා සම්බන්ධයෙන් දෙමව්පියන් සොයා බලන අවස්ථාවේ දරුවා දර මඩුවේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව දෙමව්පියන් විසින් දැක නොර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කර සිටියේ .
මියගිය සිසුවාගේ සිරුර සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා .