අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වුණා.
රැකියා ක්‍රමයට එරෙහිව ආරම්භ කළ ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පරිවර්ථනය වූ බංග්ලාදේශ විරෝධතාවයන් පසුගියදා අවසන් වූයේ අගමැතිනී ෂෙයික් හසීනාගේ ඉල්ලා අස්වීමෙන් පසුවය.
ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැරුණු අතර, හමුදා පාලනයෙන් තොර අන්තර්වාර රජයක් පත්කිරීමටත් කටයුතු කර තිබෙනවා.
අගමැතිනිය ඉල්ලා අස්වුවද රටතුළ පවතින නොසන්සුන් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.
අරගලකරුවන් ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලකට ගිනි තැබීමෙන් ඒ තුළ සිටි පුද්ගලයින් 24 දෙනෙකු පණ පිටින් පිළිස්සී මියගොස් ඇති අතර ගින්නෙන් මියගිය බහුතරය එම හෝටලයේ ලැගුම්ගෙන සිටි පිරිසක්ය.
බංග්ලාදේශයේ දෛනික වැඩ කටයුතු ද මේ වනවිට අඩපණව ඇති අතර මහා මාර්ගවල රථවාහන පාලන කටයුතු සිදු කරන්නේද ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය.