Sun. Jun 29th, 2025

ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 4කට හදිසි තත්ත්වයක්

Aug7,2024

ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 4ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා ප්‍රාන්ත වල මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ද තම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 61ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.

ඇමරිකා ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු ඇඟවූයේ ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් අඟල් 10 සිට 20 දක්වා වූ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

කුණාටුව හේතුවෙන් දැනටමත් ජෝර්ජියා හා දකුණු කැරොලිනා ප්‍රාන්ත ජලයෙන් යටව තිබෙනවා.

ෆ්ලොරිඩා හා ජෝර්ජියා ප්‍රාන්ත වල 6 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් මිය ගියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *