Sun. Jun 29th, 2025

ලොරි රථ තුනක් එකට ගැටෙයි – දෙකක් ඇලේ – එක්කෙනෙක් එතනමයි

Aug7,2024

රත්නපුරයේදී ලොරි රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් ලොරි රථ දෙකක් දොඩම්ගඟ ඇලට පෙරලී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පැල්මඩුල්ල සිට රත්නපුර දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති තොගයක් රැගත් ලොරි රථයක් පතුල්පාන කන්දේදී දොඩම්ගඟ ඇලට පෙරලී තිබෙනවා.

ලොරි රථය අනතුරට ලක්වීමට ආසන්න අවස්ථාවේදී බස් රථයක ගැටීම වැලැක්වීමට රියදුරා උත්සහා දරා තිබෙනවා.

එහිදී එම රථය තවත් ලොරි රථ දෙකක ගැටී ඇති අතර ඉන් එක් ලොරි රථයක්ද දොඩම්ගඟ ඇලට වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිමෙන්ති තොගය සහිත ලොරි රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර එම ලොරි රථයේ තිරිංග අක්‍රියවීම අනතුරට හේතුව බවටයි පොලීසිය සැක පල කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *