Sat. Jun 28th, 2025

අද පාර්ලිමේන්තුව රැස්වේ

May7,2024

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු මඟින් ප්‍රදානය කරන ලද, ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්විමට නියමිතය.

මේ අතර මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය කැඳවීමට නියමිතව තිබේ.

ලබන බ්‍රහස්පතින්දා දිනයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සිකුරාදා දිනයේ කැඳවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව අද දිනයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සංචාරක අමාත්‍යංශය කැඳවා ඇති අතර හෙට (08) දිනයේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කැඳවා තිබේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ලබන බ්‍රහස්පතින්දා දිනයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *