ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙක් වන මුහම්මඩ් යුනුස්.
ශෙයික් හසීනාගේ දේශපාලන ප්‍රතිවාදියෙකු ද වන මුහම්මඩ් යුනුස් ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල පුරෝගාමීත්වය වෙනුවෙන් 2006දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගෙන තිබෙනවා.
එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ ඔවුන් හමුදා පාලනයකට එකඟ නොවන බවයි