Sat. Jun 28th, 2025

මන්නා රමේෂ් දිවයිනට

May7,2024

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් නැමැත්තාව පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශය මුලික කරගෙන ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පසුගිය කාලයේ සිදුවූ ඝාතන කිහිපයක්ම ඔහුගේ මෙහෙයවීම මත සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *