බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය කරන අතර එහි ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
බංග්ලාදේශයට සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතියි බලාපොරොත්තු වන අතර, ඒ සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරන බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
