Fri. Jun 27th, 2025

අවාසනාවන්ත ඉරණමක් අත්වූ සාමාන්‍ය පෙළ සිසුවා

May6,2024

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යයෙකි.

හරනාත් රංජිත් කුමාර නමැති එම පාසල් සිසුවා බළන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ පිහිටි දේවාලයක් වෙත අද උදෑසන ගොස් තිබුණි.

එහිදී ක්ලාන්ත වී ඇදවැටුණු දරුවා මාරතැන්න වතු රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් පාසල් සිසුවා මියගොස් ඇති බවට වාර්තාවෙයි.

පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ රෝහලේදී සිදුකිරීමට නියමිත අතර බළන්ගොඩ පින්නවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *