Sun. Jun 29th, 2025

ෂෙයික් හසීනා යළි බංග්ලාදේශ දේශපාලනයට එන්නේ නැහැ – පුත් ජෝයි තහවුරු කරයි

Aug6,2024

බංගලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ ෂෙයික් හසීනා ඇති වූ කළකිරීම හේතුවෙන් දේශපාලනයෙන්ද සමුගැනීමට තීරණය කර ඇති බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා.

පසුගිය සඳුදා දක්වා සජීබ්, අගමැතිවරියගේ නිල උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර ඉතා දරීද්‍රතාවයෙන් පෙළුණු රටක් ලෙස තිබූ බංග්ලාදේශය, ආසියාවේ සීග්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් කරා මෙහෙයවීමට ෂෙයික් හසීනාට හැකි වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

ඉරිදා සිට ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ දැයි කල්පනා කරමින් සිටි බවයි ඔහු කියා සිටියේ.

ඊයේ (05) අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී සිය ආරක්ෂාව සඳහා රටින් පිටව ගිය ඇය සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගන්නා බවයි ඔහු පැවසුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *