Sun. Jun 29th, 2025

පාසල්වලට හෙලූ බෝම්බ නිසා දිවි අහිමි වුණු දරුවන්

Aug5,2024

ගාසා තීරයේ පාසල් කිහිපයකට ඊශ්‍රායල හමුදා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මියගිය 80% ක් ළමයින් බව වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ තවත් පාසල් දෙකකට බෝම්බ හෙලීමෙන් පලස්තීනුවන් 30දෙනෙකු මිය ගියා.

වෛද්‍යවරුන් පැවසුවේ හසන් සලාමා හා නසාර් පාසල්වල මියගිය මෙන්ම තුවාල ලැබූවන්ගෙන් සියයට 80 ක් ළමුන් බවයි.

හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය කර ඊශ්‍රායලය විශාල වැරැද්දක් කළ බව ඉරාන ජනාධිපති මසුඩ් පෙසේශ්කියාන් පවසනවා.

ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් පළි ගන්නා බවටයි ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේදී මේ වන විට පුද්ගලයන් 39,583ක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම 91,398ක් තුවාල ලැබූවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *