Sun. Jun 29th, 2025

තිස් ලක්ෂයකට වඩා වටිනාකමින් යුත් දුම්වැටි හොර පාරෙන් ගේද්දී කොටුවෙයි

Aug5,2024

රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටියදී , ඒවා රැගෙන ආ පුද්ගලයාද සමග (05) දින උදෑසන අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමත් වී ගෙන තිබෙනවා.

මොහු වාරියපොළ , කටුපොත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු අද උදෑසන 09.25 ට අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර , ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇති වු සැකය මත , ඔහු නවතා සිදු කළ විමර්ශන වලදී මෙම විදේශීය දුම්වැටි 21,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 108 , සිය ගමන් මලු තුළ සඟවා ගෙන තිබියදී සොයා ගෙන තිබෙනවා.

මේ වනවිට මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර , ඔහු නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ආනයනය කිරීම , ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ , ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගයත් සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *