Sun. Jun 29th, 2025

ඡන්දය ප්‍රකාශ කරන තැන් ගැන නිවේදනයක්

Aug5,2024

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා .

ඔවුන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නැහැ

මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවද සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *