ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා .
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවයි .
දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.