අවස්ථා දෙකකට වැඩි වාර ගණනකදී බන්ධනාගාර ගතව සිටින පාසල් සිසුන් සංඛ්‍යාව 813ක් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජගත් වීරසිංහ මහතා පවසනවා.
වෙන්නප්පු ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණෙන් නොයා යුතු තැන මැයෙන් දිවයින පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වන විට ක්‍රියාත්මකයි.
එහි තවත් අදියරක් වෙන්නප්පුව වයික්කාල ස්න්දාත්රිය සිදුකුමරි මහ විද්‍යාලයේ දී පැවැත්වුණා.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජගත් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයේන පැවැති එම වැඩසටහනට විදුහල්පතිනී මේරි නිල්මිණී ප්‍රනාන්දු කන්‍ය සොයුරිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.