අම්බලන්ගොඩ, විහාරගොඩ පතිරාජ පටුමගේ කුරුඳු ඉඩමක සැක කටයුතු ලෙස ගිනිතබා විනාශ කර තිබූ යතුරුපැදියක් අම්බලන්ගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
විහාරගොඩ, කැලේ ආවාසේ විහාරයේ තාප්පයට යාබද කුරුඳු ඉඩමක තිබී මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ
එහි චැසි අංකය ද මකා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා