Sat. Jun 28th, 2025

අරගලකරුවන්ගේ පෙත්සම් 4ක් විභාගයට අවසර

Aug2,2024

අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) අවසර ලබාදී තිබෙනවා

අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලීසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා

ඒ අනුව, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දී තිබෙනවා.

එම සිද්ධීන්වලට අදාළවම ඉදිරිපත් කෙරුණු තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් නිෂ්ප්‍රභ කිරීමට ද විනිසුරු මඩුල්ල තීන්දු කර තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *