මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කිරීමට පක්ෂය එකඟවන්නේ නම් ඊට ද තමන් එකඟ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ හිටපු පළාත්පාලන නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මෙම අදහස් පල කලේ.
දිස්ත්‍රික්ක කිහිපයක හිටපු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල නියෝජිතයන් පිරිසක් හා මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ / ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද ඊට එක්වුනා.