හමාස් නායකයා ඝාතනය කරමින් ඉරාන භූමියට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඉරානයේ උත්තරීතර නායකයා නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමාස් නායක ඉස්මයිල් හනියේ ඊයේ අළුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්වුණා.
මේ සදහා චෝදනා එල්ල වන්නේ ඊශ්‍රායලයටයි.
හනියේගේ අවමංගල්‍ය පෙරහැර සදහා දහස් ගණන් ජනතාව එක්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හනියේගේ දේහය කටාර් හි මිහිදන් කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල්කමේනි යාඥාව මෙහෙයවුවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සෘජුව අදහස් දක්වා නැහැ.
එහෙත් මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ඝාතනය කිරීම් ඇතුලු මෑත දිනවල තම රට සතුරන්ට තැලෙන පහරවල් එල්ල කළ බවයි.
මැදපෙරදිග පුළුල් ගැටමුක් පිළිබද භීතිය වර්ධනය කරමින් ඉදිරියේ දී අභියෝගාත්මක දින පවතින බවට ඔහු සිය වැසියන්ට අනතුරු ඇගවුවා.
හමාස් සංවිධානය පවසන්නේ හනියේගේ මරණයත් සමග සටන නව මානයකට ගෙනයනු ඇති බවයි.
ඉතා විශාල ප්‍රතිවිපාක අත්වනු ඇති බව ද ඔවුන් පවසා තිබෙනවා.
මේ අතර ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ මැදපෙරදිග කලාපයේ සතුරුකම් භයානක තත්ත්වයක් බවයි.
ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබද සාකච්ඡාවලදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ හනියේ ඝාතනයට ලක්වුයේ ඉරාන නව ජනපති දිවුරම් දීමේ උත්සවයට සහභාගි වී පැය කිහිපයකට පසුවයි.
මිසයිලයක් හනියේ වෙන සෘජුවම එල්ල වී ඇති බව සදහන් වනවා.