දන්තාලේපයක් භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඊට අනුව ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම සුදුසු බව සඳහන්.
එමෙන්ම නියමාකාරව දත් නොමැදීම සහ ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප භාවිතය නිසා බොහෝ දෙනෙක් මුඛ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී සිටින බවද ඔවුන් පවසනවා.
එම සම්පුර්න සටහන පහතින්..
අපි කුඩා කල සිටම අහල තියෙන දෙයක් තමයි දවසට දෙවරක්වත් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මදින්න ඕනා කියන එක. හැබැයි ලංකාවේ අදටත් නියමාකාරව දත් නොමැදීම සහ ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප භාවිතය නිසා බොහෝ දෙනෙක් මුඛ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී සිටිනවා.
අපි හිතුවා මේ පිළිබඳව ඔබට නියමාකාර දැනුවත් කිරීමක් සිදුකළහොත් මෙම සෞඛ්‍ය පුරුද්ද වැඩි දියුණු කරගැනීමට හැකි වෙයි කියලා.
➡ දන්තාලේපයෙහි අඩංගු ෆ්ලෝරයිඩ දත් දිරායෑම ආකාර තුනකින් වළක්වනව.
① දත මත සක්‍රීය ලෙස කැල්සියම් ලවණ තැන්පත් වීමේ වේගය වැඩි කිරීමෙන් හා දත මතුපිටින් කැල්සියම් ලවණ ඉවත්වීමේ වේගය අඩු කිරීමෙන් දත් දිරා යෑම වැළැක්වීම.
② ෆ්ලෝරයිඩ් මඟින් දතේ එනමලය ශක්තිමත් කිරීමට හේතුවන ෆ්ලෝරෝඇපටයිට් සංයෝගය සාදා ආම්ලික භාවය වැඩිවීමෙන් දතට සිදුවන හානි වලක්වා ගනී.
③ මීට අමතරව ෆ්ලෝරයිඩ් වලට දත් වලට හානි කරන බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් ඇත.
➡ අපි භාවිතා කරන දන්තාලේප වල අනුමත ප්‍රමාණයට ෆ්ලෝරයිඩ් අඩංගුද කියලා හොයා ගන්නේ කොහොමද?
දන්තාලේප පැකට්ටුවේ ඇති ලේබලය හොඳින් පිරික්සා බලා එහි අවශ්‍ය ප්‍රමාණයට (1000 ppm to 1500 ppm) ෆ්ලෝරයිඩ් අඩංගුව ඇත්දැයි තහවුරු කරගන්න. මෙම ප්‍රමාණයන් වැඩිහිටියන් මෙන්ම දරුවන් සඳහාද සුදුසු වේ.
බොහෝ දෙනෙක් හිතනවා පානය කරන ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි ප්‍රදේශවල ජීවත් වන අය ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිත නොකළ යුතු බව. නමුත් ඇත්ත වශයෙන්ම ජලයේ ෆ්ලෝරයිඩ් අධික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් වුවද ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කළ යුතුයි.