ටික්ටොක් සමාගම් මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ටික්ටොක් හි මව් සමාගම වන බයිට් ඩාන්ස් හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙලෙස රෝහල් ගත කෙරුණා.
සමාගමේ සේවකයන් 60 දෙනෙකු ඊට ඇතුලත්. බයිට් ඩාන්ස් සමාගම ද පවසා ඇත්තේ එහි සේවකයින් රෝගී වීමට හේතුව කුමක්ද යන්න සොයා බලන බවයි.
එහි කාර්යාලය තුළ කිසිදු ආහාරයක් පිළියෙළ නොකරනු ලබන අතර ආහාර සැපයීම සඳහා තුන්වන පාර්ශ්වයක සහාය ලබා ගැනෙනවා.
ගිලන් රථ 17ක් යොදා ගනිමින් රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ලොව පුරා ටික් ටොක් ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව බිලියනයකට අධිකයි.
ආහාර විෂ වීමේ සිද්ධියෙන් එම පරිශීලකයන්ට බාධාවක් සිදුවුණේ නැහැ.