හමාස් නායකයා ඝාතනය කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඉරානය ඊශ්‍රායලයට අවධාරණය කර තිබෙනවා.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හමාස් නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පළිගන්නා බවයි ඉරානය පවසා ඇත්තේ.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ හමාස් නායකයා ඝාතනයට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියා ඝාතනය කිරීම ඇතුලු තම රටට එරෙහි වන සතුරන්ට දැනෙන ලෙස ප්‍රහාර එල්ල කළ බවයි.
ඕනෑම තත්ත්වයකට සුදානම්ව සිටින අතර ඕනෑම තර්ජනයකට එරෙහිව එක්සත්ව හා අධිෂ්ටානශිලිව මුහුණ දෙන බව ද ඊශ්‍රායල අගමැතිවරයා පවසා තිබෙනවා.