Sat. Jun 28th, 2025

IMF නියෝජිතයින් අද ජනපති හමු වෙයි

Aug1,2024
FILE PHOTO: A participant stands near a logo of IMF at the International Monetary Fund - World Bank Annual Meeting 2018 in Nusa Dua, Bali, Indonesia, October 12, 2018. REUTERS/Johannes P. Christo

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් එම වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යන බව ඔහු පවසනවා.

තුන්වෙනි සමාලෝචනය තුළ ලැබෙන 4 වෙනි වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වුවහොත් එය ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය විශාල බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *