Sat. Jun 28th, 2025

ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපතිට දැනුම් දෙයි

Aug1,2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනපතිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් ජනපතිට දැනුම් දී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නිල වශයෙන් දැනුම් දී තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ මෙම තීරණය අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය ස්තූතිය පිරිනමින් ප්‍රකාශ කළේ රට ඉදිරියට ගෙන යා හැක්කේ මෙවන් එකතුවක් තුළින් පමණක් බවයි.

අනෙකුත් කණ්ඩායම් සාම්ප්‍රදායික දේශපාලනයේ නිරත වෙද්දි තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩී.එස්. සේනානායක මැතිතුමා සහ බණ්ඩාරනායක මැතිතුමා එක්ව 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමෙන් පසු මෙවන් එකතුවක් නිර්මාණය වූයේ පළමු වතාවට බව ද සඳහන් කළා.

රට ඉදිරියට ගෙන යාමේ දී විවිධ දේශපාලන පක්ෂවල අදහස් සැලකිල්ලට ගැනීම තම අරමුණ බවද පැවසූ ජනාධිපතිවරයා ඇතිකරගනු ලබන මෙම එකඟතාවන් තුළින් ඉදිරියේ දී රට ගොඩනැඟීමේ ජාතික රාමුව සකස් කරන බවද කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *