Sat. Jun 28th, 2025

අලුත් වාහනයක් ගන්න සැරසෙන කතානායක

May5,2024

තමන් භාවිතා කරන වාහනය වසර 15ක් පැරණි වීම නිසා එය අලුත්වැඩියා කිරීමට ප‍්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ටද තීරු බදු රහිත වාහන ලබා දීම යෝග්‍ය යයි ද කතානායකවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව එළඹෙන සතියේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවත් හෙතෙම කියා සිටියේය.

තම වාහනය අලුත් වැඩියා කරනවට වඩා අලුත් වාහනයක් ලබා ගැනීම සුදුසු බව තමාටද හැඟී ගොස් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

ඕනෑම වාහනයක් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකි බවත් පවසන කතානායකයා දැනට තමන් පෞද්ගලික වාහනයක් හා පැරණි වාහනයෙන් ගමන් බිමන් සඳහා යෙදෙන බවද කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *