Sat. Jun 28th, 2025

2024 මුල් මාස 05 තුළ අයවැය හිඟය 64% කින් අඩු වෙලා – රංජිත් සියඹලාපිටිය

Jul30,2024

2024 මුල් මාස 05 තුළ අයවැය හිඟය 64% කින් අඩු වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවත්, මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366 ක් ලෙස වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමින්.

රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බව ද හෙතෙම අවධාරණය කලා

මෙමගින් මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන 31ක් සඳහා සහතික හිමි වන අතර ඔවුන්ගේ ආනයන සහ අපනයන කටයුතු රේගු පරීක්ෂණවලින් බැහැරව සිදු කිරීමට ඔවුන්ට අවස්ථාව උදා වෙයි. වසර ගණනාවක් ඔවුන්ගේ ආනයනය සහ අපනයනය පිළිබඳ සිදුකළ අධීක්ෂණයකින් පසුව අදළ සමගම් වෙත මෙම සහතිකය ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා

ශ්‍රී ලංකා රේගුව සෑම අවස්ථාවකදීම රජය විසින් ලබාදෙන ආදායම් ඉලක්ක සපුරාලමින් රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවත්, 2024 වසරේ දී ලබා දී ඇති රුපියල් බිලියන 1537 ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708ක ආදායමක් සම්පූර්ණ කිරීමට ඔවුන් මේ වන විටත් සමත් ව ඇති බවත් අමාත්‍යවරයා පවසනවා

එම ඉලක්ක කරා සාර්ථකව ළඟා වීම රේගුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන රථ වාහන ආනයනය අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක් බවට සඳහන් කළ අමාත්‍යවරයා අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය කළ 2018 වසරේ දී රුපියල් බිලියන 923ක් වූ සමස්ත ආදායමෙන් බිලියන 204 ක් හෙවත් 22%ක් රථවාහන ආනයනයෙන් ලබාගෙන ඇති බවට ද අවධාරණය කලා.

ඒ අනුව, 2019 වසරේ සමස්ත ආදායමෙන් 16% ක් හෙවත් රුපියල් බිලියන 130ක් රථවාහන ආනයනයෙන් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *