Wed. Jun 25th, 2025

ඉන්දියානු රජයේ ආධාර මත වතු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

Jul30,2024

ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස වතු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනයට ලබා දෙන රුපියල් මිලියන 600 මුදල ලබා ගැනීම වෙනුවෙන් අදාළ ලේඛනවලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන හා මහාමාර්ග , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්

මේ සඳහා ලබා දීමට තීරණය කර තිබූ මුදල රුපියල් මිලියන 300ක් වන අතර ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය මත මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එම ව්‍යාපෘතිය සඳහා වන මුළු ප්‍රදානය රුපියල් මිලියන 600ක් දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *