Fri. Jun 27th, 2025

වත්තල ගෙයක් ගිනිගනී – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Jul30,2024

වත්තල, මාටාගොඩ ප්‍රදේශයේ ඊයේ (29) රාත්‍රී කාලයේ නිවසක හදිසි ගින්නක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන් තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ සිටි පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල ලබා නිවස තුළම මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 90ක් වූ මාටාගොඩ, හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *