Sat. Jun 28th, 2025

පොහොට්ටුවේ ප්‍රමිත සහ ශෙහාන්ගේ සහාය ජනපතිට

Jul30,2024

අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව එක්ස් පණිවුඩ නිකුත් කරමින් සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතාම තීරණාත්මක අවස්ථාවේ රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේ දී සහාය පළ කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරුමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බවයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කරන්නේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකි වු බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපතිවරයාගේ පැහිදිලි හා තීරණාත්මක නායකත්වය ජාතික ස්ථාවරත්වය වර්ධනය කිරීමට හේතු වු බව පෙන්වා දෙනවා.

එවැනි අභියෝගාත්මක කාලයක් නැවත පැමිණීම වැළැක්වීමට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය දැක්විම අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *