Sat. Jun 28th, 2025

පොහොට්ටුවේ 105ක් ජනපති වෙනුවෙන් පෙළ ගැසෙති

Jul30,2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතුරුන් හැත්තෑ පස්දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බවද හෙතෙම කියා සිටියි.

පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ගේ ගමන තවත් වේගවත් වනු ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *