Fri. Jun 27th, 2025

අවිස්සාවේල්ල තුන්මෝදර බිහිසුණු අනතුරක් – පොලිස් නිළධාරියෙක් මරුට

Jul29,2024

අවිස්සාවේල්ල පුවක්පිටිය තුම්මෝදර ඉලුක්පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් සැරයන්වරයෙක් සිද්ධිය වූ ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

මියගිය සැරයන්වරයා කොස්තාපල්වරයා සමඟ රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස සිමෙන්ති ලොරිය ඉදිරියට එනු දැක යතුරුපැදිය මාර්ගයේ අයිනට කර නතර කර තිබෙනවා

ඒ සමගම ලොරිය යතුරු පැදියේ ගැටී එයත් සමගම අසල බෑවුමෙන් ඇළ මාර්ගයෙන් පහළට වැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ

සිද්ධිය පිළිබඳව හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *